Home Blog News 2025 දී ඩුබායි අපිට ගෙවන්න වෙන ගාස්තු වැඩි කිරීම් 3ක්
2025 දී ඩුබායි අපිට ගෙවන්න වෙන ගාස්තු වැඩි කිරීම් 3ක්

2025 දී ඩුබායි අපිට ගෙවන්න වෙන ගාස්තු වැඩි කිරීම් 3ක්

1) Parking ගාස්තු

2025 මාර්තු මාසෙ ඉදන්, ඩුබායි Parking ගාස්තු වල වැඩි කරනවා කියලා කියනවා. නගරයේ නිල Parking මෙහෙයුම්කරු මේ අලුත් ගාස්තු ආකෘති හඳුන්වලා දීලා තියෙන්නේ,
ට්‍රැෆික් වැඩිම වෙලාවන් වෙන උදේ 8.00 ඉදන් 10.00 වෙනකන් සහ හවස 4.00 ඉදන් ‍රෑ 8.00 වෙනකන්, High demand ප්‍රදේශවල parking ගාස්තු පැයට Dhs6 දක්වා වැඩිවෙනවා කියලා තමයි කියන්නේ.

2) සලික් (Salik) ගාස්තු

2025 ජනවාරි මාසෙ ඉදන්, සලික් ගේට් වලට අළුත් ගාස්තු ආකෘතියක් හඳුන්වා දෙනවා. Traffic එක අඩු කිරීමේ අරමුණින් මේ වැඩි කිරීම් කරනවා කියලා තමයි කියන්නේ. උදේ පාන්දර ගාස්තු රහිත කාල වල ගාස්තු වගේම, ගාස්තු වැඩිම කාලයන් වල පැයට Dhs6 දක්වා ගාස්තු වැඩි වෙනවා කියලා කියනවා.

3) පානීය ජල හා ජලාපවාහන (Sewage) ගාස්තු

ජනවාරි 2025 ඉදන්, පානීය ජල හා ජලාපවාහන වලට අලුත් ගාස්තු ආකෘතියක් හඳුන්වා දීලා, ඩුබායි මියුනිසිපල්ටි ආයතනයෙන් ගෘහස්ථ සහ ව්‍යාපාරික පරිශීලකයන්ට ගාස්තු වැඩි කීමක් වෙනවා කියලා තමයි කියන්නේ.
මේ අලුත් ගාස්තු මේ අවුරුද්දෙ ගැලුම් 1.5 වලින් පටන් අරගෙන 2026දී ගැලුම් 2ක් සහ 2027 දී ගැලුම් 2.8 ක් කියන ප්‍රමාන දක්වා ඩැඩි කිරීම් වෙනවා කියලා කියනවා.
© 2024 Entasiz (Pvt) Ltd - All rights reserved.