Home Blog News 2024 ජනසංඛ්‍යා ලේඛණ අනුව ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් කොපමණ ඉන්නව කියලද හිතන්නෙ?
2024 ජනසංඛ්‍යා ලේඛණ අනුව ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් කොපමණ ඉන්නව කියලද හිතන්නෙ?

2024 ජනසංඛ්‍යා ලේඛණ අනුව ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් කොපමණ ඉන්නව කියලද හිතන්නෙ?

ඩුබායි කියන්නේ එක්සත් අරාබි එමිරේට්ස් (UAE) හි ජනප්‍රියම නගරයක්. ලොව පුරා ඇති මිලියන ගණනක් ජනතාවගේ සිහින භූමියක්, ලංකාවෙ අපිටත් ඩුබායි කියන්නේ එහෙම ලොකු සිහිනයක්. මේ නගරයේ ජීවත් වෙන්නේ විවිධ ජාතීන්ගෙන් යුත් ජනගහනයක්. ඒ අතරින් ශ්‍රී ලාංකිකයන්ටත් සුවිශේෂී ස්ථානයක් හිමිවෙනව. 2024 අලුත්ම දත්ත අනුව, අපි අද බලමු ඩුබායි හි ශ්‍රී ලාංකිකයන්ගේ ජනගහනය, ඔවුන් බහුලව යොදාගන්නා රැකියා අවස්ථා ගැන.

ඩුබායි හි ශ්‍රී ලාංකික ජනගහනය (2024)

2024 වර්ෂයේ අලුත්ම දත්ත අනුව, ඩුබායි හි ශ්‍රී ලාංකික ජනගහනය 0.39 මිලියන (390,000) ක් ලෙස ඇස්තමේන්තු වෙනවා. මෙය UAE හි මුළු ජනගහනයෙන් 3.15% ක් වෙනවා. ශ්‍රී ලාංකිකයන් ඩුබායි නගරයේ ආර්ථිකයට හා සමාජයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.

ඩුබායි හි ජීවත් වන විශාලතම ජනගහනය

ඩුබායි කියන්නේ ලොව විවිධ කොටස්වලින් පැමිණි ජනතාවගේ මිශ්‍රණයක්. 2024 දත්ත අනුව, ඩුබායි හි විශාලතම ජනගහනය ඉන්දියානු ජාතිකයන්. ඔවුන්ගේ ජනගහනය 4.75 මිලියන (37.96%) ක්. ඊළඟට පාකිස්ථානු (2.09 මිලියන, 16.72%), බංගලාදේශීය (0.92 මිලියන, 7.38%), පිලිපීන (0.86 මිලියන, 6.89%), සහ ඉරාන (0.59 මිලියන, 4.72%) ජාතිකයන්. ශ්‍රී ලාංකිකයන් ද මේ ජනගහනය තුළ සුවිශේෂී ස්ථානයක් ගන්නවා.

ශ්‍රී ලාංකිකයන් බහුලව යොදාගන්නා රැකියා අවස්ථා

ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් විවිධ අංශවල රැකියා අවස්ථාවන්හි නියුතු වී සිටිනවා. ඔවුන්ගේ රැකියා අවස්ථා අතර පහත සඳහන් අංශ බහුලව දක්නට ලැබෙනවා:
ඩුබායි හි ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයන් බහුලව නියුක්ත වී සිටිනවා. ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, ගණකාධිකාරීන්, ශ්‍රමිකයන් සහ අනෙකුත් විවිධ අංශ වල ඔවුන් මෙම ක්ෂේත්‍රයේ දායකත්වය ලබා දෙනවා.
ඩුබායි කියන්නේ ලොව ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්. හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ ද ශ්‍රී ලාංකිකයන් බහුලව නියුක්ත වී සිටිනවා. ඔවුන් හෝටල් කෝකි වරැන්, කාර්ය මණ්ඩලය, සහ අනෙකුත් විවිධ අංශ වල කටයුතු කරනවා.
දැනට ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් බහුලව ගෘහස්ථ සේවකයන් ලෙස ද නියුක්ත වී සිටිනවා. මේ රැකියාවන් ඔවුන්ට ස්ථාවර ආදායමක් සහ නවාතැන් පහසුකම් ද ලබා දෙනවා. පුහුණු නුපුහුණු සේවකයන් දෙපිරිසම දැනට විදේශ රැකියා කාර්යාල හා විසිට් වීසා හරහා මෙරටට පැමිණෙන අතර, බහුතරය විධිමත් ලෙස වගකීම් සහිත ආයතන වලින් නොපැමිණීම හේතුවෙන් ඉතා දුශ්කරතා වලට මුහුණ දෙන අවස්තාද ඇත.

උසස් අධ්‍යාපනය හා වෘත්තීය අත්දැකීම් සහිත ශ්‍රී ලාංකිකයන් ඩුබායි හි ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයේ ද නියුක්ත වී සිටිනවා. ඔවුන් බැංකු, රක්ෂණ, සහ ආයෝජන සමාගම්වල ඉහළ තලයේ රැකියා අවස්ථාවන්හි නියුක්ත වී සිටිනවා.

ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්, නර්ස්, සහ පරිපාලන කාර්ය මණ්ඩලය ඩුබායි හි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ද දායකත්වය ලබා දෙනවා.
එමෙන්ම ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ සංස්කෘතිය හා සම්ප්‍රදායන් රැකගනිමින්, නව අත්දැකීම් හා අවස්ථාවන් ලබා ගන්නවා. ඔවුන් බහුලව සංස්කෘතික උත්සව සහ ආගමික උත්සව සහ අනෙකුත් විනෝද ආශ්වාදය සදහා නොයෙකුත් උත්සහ පවත්වා ගන්නවා. මේ එක්වීම් ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාවය හා සම්බන්ධතාවය රැකගැනීමට උපකාරී වෙනවා.
අවසාන වශයෙන් කියන්න ඕනේ, ඩුබායි හි ශ්‍රී ලාංකිකයන් ඩුබායි නගරයේ ආර්ථිකයට හා සමාජයට වගේම අපේ ලංකාවේ ආර්ථිකයටත් ඉතා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.

Add comment

© 2024 Entasiz (Pvt) Ltd - All rights reserved.