
2026 දී ඩුබායිහි පියාසරික ටැක්සික ගමනක් යන්න අපිටත් අවස්ථාවක්!
අපි සිතනවාට වඩා ඉක්මනින් ඩුබායි නගරය පුරා ටැක්සි පියාසර කරනහැටි අපිට බලාගන්න පුලුවන්.
ඩුබායිහි අනාගත පියාසරික ටැක්සි රථවාහන පද්ධතිය අප සිතනවාට වඩා ඉක්මනින් යථාර්ථයක් බවට පත්වෙමින් පවතී. ඩුබායිහි පළමු පියාසරික ටැක්සි ස්ථානය, එසේත් නැත්නම් “වර්ටිපෝර්ට්” (Vertiport) ලෙස හඳුන්වනු ලබන මෙම ස්ථානය දැනටමත් ඉදිකිරීම් කටයුතු වෙමින් පවතින අතර, එය 2026 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනව කියල තමයි කියන්නෙ.
මෙම වර්ටිපෝර්ට් ස්ථානය DXV (Dubai International Vertiport) ලෙස නම් කර ඇති අතර, එය ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල (DXB) අසල පිහිටා ඇත. 2024 ජනවාරි 9 වන දින, Skyports Infrastructure සමාගම විසින් DXV හි තාක්ෂණික නිර්මාණ සැලසුම් සඳහා සාමාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය (General Civil Aviation Authority) අනුමැතිය ලබා දී ඇත.
DXV වර්ටිපෝර්ට් ස්ථානය ආරම්භක අදියරේදී ඉදිකරනු ලබන පළමු ස්ථානය වන අතර, මුලික වශයෙන් ස්ථාන හතරක් ඉදිකරනු ඇත. මෙමගින් ඩුබායිහි ප්‍රධාන ස්ථාන අතර වේගවත් හා පහසු ගමන් මාර්ග සපයනු ඇති අතර, මාර්ග තදබදයෙන් තොරව ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය ලොව ප්‍රථම නාගරික ගුවන් ගමන් සේවාවක් ලබාදෙන නගරය බවට පත් වෙනු ඇත. මෙහිදී උසස් තාක්ෂණික පියාසරික ටැක්සි ගුවන් ගමන් ජාලයක් භාවිතා කරනු ලැබේ.
පළමු වර්ටිපෝර්ට් ස්ථානය වර්ග මීටර් 3,100 ක ප්‍රදේශයක් ආවරණය කරන අතර, වාර්ෂිකව ගුවන් ගමන් 42,000 ක් සහ මගීන් 170,000 ක් හසුරුවා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම, ගුවන් යානා ආරෝපණය කිරීමේ හැකියාවද මෙම ස්ථානයේ ඇත.
මුල් අදියරේදී, ඩවුන්ටවුන් ඩුබායි, ඩුබායි මරීනා සහ පාම් ජුමෙයිරා වැනි ප්‍රධාන ස්ථානවලද මෙම ස්ථාන ඉදිකරනු ඇත.
මෙම පියාසරික ටැක්සි සේවාවේ පාලනය හා අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය සමඟ ඒකාබද්ධ කිරීමේ වගකීම ඩුබායි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (Roads and Transport Authority) විසින් භාරගෙන ඇත. මෙම පියාසරික ටැක්සි නිෂ්පාදනය කරනු ලබන්නේ JOBY Aviation සමාගම විසිනි.
මෙම ව්‍යාපෘතිය ඩුබායි නගරය තවදුරටත් ලෝකයේ ප්‍රගතිශීලීමය නගරයක් බවට පත් කිරීමට දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ. එය අපටද අලුත් අද්දැකීමක් වේවි.