
ඩුබායි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) එකවර මගීන් 40කට ගමන් කල හැකි අලුත්ම රේල් බස් එකක් හදුන්වා දෙයි.
අලුතින්ම ඩුබායි වලට හදුන්වාදෙන රේල් බස් එක, මේක පූර්ණයෙන්ම 3D මුද්‍රණය කරපු, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වලින් විතරක්ම සාදපු වාහනයක්. ඩුබායි මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) තමයි මේක නිල වශයෙන් හදුන්වා දුන්නේ.
මෙම බස් එක තවමත් සංවර්ධිත මට්ටදේ පවතින බව තමයි ආරංචිය. ඒත් සූර්ය බලයෙන් පමණක් ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඒක හින්දා ආර්ථිකයට සුබදායි සහ පරිසර හිතකාමී වාහනයක් බවට පත්වෙයි.
දැනට 2025 World Government Summit 2025, Madinat Jumeirah වල මේකෙ මොඩලයක් ප්‍රදර්ශනය කරනව. බස් එකට ගෝල්ඩ් සහ කළු වර්ණයත්, ඇතුළත orange පැහැති ආසන සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට වෙන් කළ වෙනම ආසන ද ඇතුලත්ව. එක කුටියක ආසන 22ක්, එකපාරටම ගමන්කරුවන් 40ක් ගමන් කරන්න පුළුවන් විදියට තමා නිර්මාණය කරල තියෙන්නෙ.
මෙම ව්‍යාපෘතිය තවම සිදුවෙමින් පැවතුනත් නුදුරැ අනාගතයේ ඉක්මනින් අපිට බලාගන්න පුලුවන්. අනෙත් විශේෂත්වය වන්නේ මේකේ ආසනවලට උඩින් තිරයේ (screen) ගමන් තොරතුරු, මීළඟ නැවතුම්, කාලගුණ තත්ත්වය වගේ දේවල් බලාගන්න පුලුවන්. ආරක්ෂාවට වාහනයේ දෙපස උපදෙස් තියනවා වගේම වහනේ දෙපැත්තෙම පාලන පැනලයක් තියනවා.
මේ බස් එක උස් මාර්ග (elevated tracks) මතින් ගමන් කරන්න නියමිතයි. ඒ හින්දා කාර්ය බහුල වේලාවන් වලට වාහන තදබදෙත් බලපෑමක් වෙන්නෙත් නෑ! 😍 මේකේ උස මීටර් 2.9ක්, දිග මීටර් 11.5ක්, වේගය 100kmph වෙනවා. සියලු පද්ධති සූර්ය බලයෙන් පමණක් ක්‍රියාත්මක වෙනවා.
මේ සුපිරි වැඩෙන් ඩුබායි තවත් ලෝකේම නවීනතම නගරයක් අතර වැජඹෙන බව ස්ථ්රයි. UAE Net Zero 2050, Dubai Zero-Emission Public Transport 2050, Dubai Self-Driving Transport 2030 වගේ ප්‍රධාන වැඩසටහන් වලටත් මේක හරියටම ගැලපෙනවා. ඒ සමගම අනාගතයේ ඩුබායි දිනකට 25%ක් ස්වයංක්‍රීය වාහන පදවන්න එක් රටක් බවට පත්වීමට නියමිතයි.
අනිත් සුවිශේෂීම කාරණය 3D මුද්‍රිත සැහැල්ලු ව්‍යුහයක් හින්දා පරිසරයට හානිය අඩුයි, කාර්යක්ෂමතාව වැඩියි. හරියටම කවදාද මේක පොදු ජනතාවට අතරට එන්නෙ කියලා ස්ථීර දිනයක් නෑ, නමුත් මේක අනිවාරයෙන් නවීන ප්‍රවාහන ක්‍රමයක් බවට පත්වෙයි කියලා සියලු දෙනා විශ්වාස කරනව!
මේ අලුත්ම ප්‍රවාහන පහසුකම ඉක්මනින්ම ඩුබායි අපට අත්විදින්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු!