Home Blog News Online ක්‍රමයටඋප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි
Online ක්‍රමයටඋප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

Online ක්‍රමයටඋප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාදීමේ වැඩසටහන ඇරඹෙයි

dubai-lanka-post-02

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තමන් වාසය කරන රටවල තානාපති කාර්යාල හරහා, ප්‍රමාදයකින් තොරව උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීමට හැකි ඩිජිටල් පද්ධතියක් දැන් ආරම්භ කර තිබේ. මෙම සේවාවට පිවිසීම සඳහා https://online.ebmd.rgd.gov.lk/ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

මෙම eBMD සේවාව ප්‍රථම අදියරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස රටවල් 07 ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට සුදානම් කර ඇත.

ජපානය, කටාර්, කුවේට්, මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල හරහා, එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙම සේවාවෙන් ඉදිරියට ප්‍රයෝජනයක් ලබාගත හැක.

මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

© 2024 Entasiz (Pvt) Ltd - All rights reserved.